යාපනයේදී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාගේ දරුවන් දෙදෙනාගේ වගකීම තමා භාර ගන්නා බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසාගර් ඉලන්චේලියන් මහතා පැවැසීය.
මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා ලෙසින් හේමචන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඔහුට ආරක්ෂාව සපයමින් සිටින විට වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.
හේමචන්ද්‍ර මහතාගේ දරුවන් හමුවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ඔහුට පියා මෙන් ආදරය ලබාදිය නොහැකි වුවත් ආර්ථික වශයෙන් ඔවුන් දෙදෙනා ආරක්ෂා කරන බවයි.
“මට ළමයි දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනාම පිරිමි ළමුන්. අද සිට මට ළමයි හතරක් ඉන්නවා. මම හේමචන්ද්‍රගේ දුවයි පුතයි ගැනත් බලනවා. ඒ අයගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගතය, ජීවිතය මගේ මරණය තෙක් බලාගන්නවා.
ඔවුන්ගේ පියාගේ ආදරය මට දරුවන්ට දෙන්න බැරිවෙයි. එසේ නොහැකි වුවත් ආර්ථික වශයෙන් ඔවුන් ආරක්ෂා කරනවා. ඒක මගේ රාජකාරිය වගේම වගකීම. මම දුවගේ සරසවි අධ්‍යාපනයට වගේම ඇයගේ විවාහයටත් උදවු කරනවා. මේ ළමයි දෙන්නාම මගේ දරුවන් දෙන්නා වගේ.” යැයි ඉලන්චේලියන් මහතා සඳහන් කළේය.