ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී භාවිත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් දෙකෙන් එක් හෙලිකොප්ටරයක් තවමත් ඉන්දියාව බලා පියාසර කර නොමැති බව වාර්තා වෙයි.
ඒ එම හෙලිකොප්ටරය කාර්මික දෝශයකට ලක්විම හේතුවෙනි. මෙය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ නවත්වා ඇත. එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් වන එහි ඇතිවී තිබෙන කාර්මික දෝශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හඳුනාගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ගෙන එන තෙක් එය අස්ගිරිය ක්‍රීඩාංගණයේ නවත්වා තිබේ.