(UPDATE) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ජීවතක්ෂයට පත්වූ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (16දා) රාත්‍රිය වන විට මෙම මරණ සංඛ්‍යාව පැවැතුණි.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 24ක් බව පොලීසිය පවසයි. පස්වරු 4.41ට පොලීසිය නිකුත් කළ නිවේදනයේ මෙම සංඛ්‍යාව දැක්වෙයි.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබේ. පස්වරු 2.00 ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල නිකුත් කළ නිවේදනයක මේ බව තහවුරු කළේය. අපාදා කළමනාකරණ අමාත්‍යාංශයද මෙම සංඛ්‍යාව තහවුරු කළේය. සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වෙයි.