අධිකරණයට වැඩියෙන්ම අපහාස කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහාත බවත් තමා පාර්ලිමේන්තුවේ පැවැසුවේ තම පොදු මතය බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අමාත්‍යවරායට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණා ඔබ පාර්ලිමේන්තුවේදී පැවැසුවේ රජයේ මතය කියලා?
“මුලින්ම කියන්න ඕන මම සටන් කරන්නේ තනියම. මේ රන්ජන් රාමනායකගේ මතය. මගේ මතය කියන්නේ පොදු මහජනතාවගේ මතය. මම පක්ෂයක් නියෝජනය කරලා නෙමෙයි ඒ කතාව කිව්වේ.
ලංකාවේ පක්ෂ බහුතරයක ඉන්නේ හොරු. මම හොරු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ඒක පටලව ගන්න එපා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා. එතුමා ප්‍රකාශ කර තිබුණා මම අධිකරණයට අපහාස කරනවා. නීතිඥවරුන්ට පහර ගසනවා කිව්වා. මම දන්න විදියට ගරු අධිකරණයට වැඩියෙන්ම අපහා කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි. ශ්‍රේෂ්ඨාධිකරණය තෙල් මිල පහළ දාන්න කියද්දී ඒක පහළ නොදම්ම හිටපු ජනපති. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යැව්වේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි.”