ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේ ප්රධාන කතිකයා වූ මහින්ද රාජපක්ෂ මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයේ ප්රධාන කතිකයා වූ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා රටේ ආර්ථික ක්රමය සම්බන්ධයෙන් සමාන අදහසක් ඉදිරිපත් කළේය. ඔවුන් දෙදෙනාම පැවැසුවේ ශ්රී ලංකාව ඉදිරියට ගමන් කළ යුත්තේ සමාජ ආර්ථික ක්රමයක් යටතේ බවයි.