හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීනයට හා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා ලැබී ඇති අතර, ඒ අනුව ඒ මහතා මෙම මස 21 දා සිට 23 දා දක්වා චීනයේ සංචාරයක් සඳහා පිටත්වීමට නියමිතය.
එරට ගොන්ඩම් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ආරාධනයෙන් විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රාජපක්ෂ මහතා ඇරැයුම් ලබා තිබේ.
චීන චාරිකාවෙන් අනතුරුව ලබන මස දෙවැනි සතියේ ඒ මහතා ඉන්දියොවේ චාරිකාවක නිරත වීමට නියමිතය . ඔහුට එරටට පැමිණීමට ආරාධනා කර ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර පර්නැන්ඩේස් මහතාය.
එහි පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නටත් මුඛ්‍ය දේශනය පවත්වන්නටත් රාජපක්ෂ මහතාට ඇරයුම් ලැබී ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ සහ චීනයේ කෙරෙන චාරිකාවලදී රාජපක්ෂ මහතා ඒ රටවල ආණ්ඩුවල ප්‍රධානීන් ගණනාවක්ද හමුවීමට නියමිතව තිබේ .
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය ඇසුරෙනි)