හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබු ආරක්ෂකයින් 42ක් එකවරම සේවා අවශ්‍යතාව මත පවසමින් ඇමති ආරක්ෂක අංශය වෙත අද (03) රාත්‍රී 09 පෙර වාර්තා කරන ලෙස ඇමති ආරක්ෂක මුලස්ථානයෙන් දැනුම් දී තිබේ .
මෙසේ කැඳවා තිබෙන ආරක්ෂක නිලධාරින් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙක් , පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරුන් පහක් ද ඇතුළත් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය පවසයි.
මෙය දේශපාලන පලිගැනීමක් බවත් මිට පෙරද මේ ආකාරයෙන් හිටිපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරින් මාරු කළ බවත් මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
.