මහනුවර ප්රචණ්ඩකාරී සිදුවීම්වලට දායක වූ පිරිස් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
පහරදීම් හා ගිනි තැබීම් හේතුවෙන් පූජනීය ස්ථාන,ව්යාපාරික ස්ථාන, නිවාස හා මෝටර් රථ 465ක පමණ ප්රමාණයක් විනාශයට පත්ව තිබෙන අතර ඒ ආශ්රිතව ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන පොලීසිය මේ වන විටත් පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත.
ව්යාපාරික ස්ථාන හා නිවාසවලට හානි කිරීමෙන් පසු ඇතැම් පිරිස් භාණ්ඩ මංකාල්ලකා තිබෙන බවටද ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.