ෙනව ජනමාධ්‍ය අමාත්‍යවරයා පත්වීමෙන් පසුව රජයේ මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්ට නව නිලධාරීන් පත්කිරීමේ අවධානය යොමුව ඇති බව 'අද'ට වාර්තා වේ.
ඒ අනුව එම ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමේ ලිපි බාරදෙන මෙන් නොනිල වශයෙන් දැනුම්දී ඇති බවද වාර්තා වේ.කෙසේ වෙතත් මේ වනවිටත් ඇතැම් ආයතන ප්‍රධානීන් සහ අධ්යක්ෂ මණ්ඩල සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබේ.
මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් 'අද' කළ විමසීමේදී හෙතෙම පැවසුවේ, එලෙස ඉල්ලා අස්වන ලෙස කිසිවෙකු නොදැන්වූ බවයි.
එසේ වුවද නව අමාත්‍යවරයාට සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව සලසාදෙමින් තමන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් බවද අතාවුදහෙට්ටි මහතා පැවසීය.