ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දී ඇති බැඳුම්කර කොම්ෂන් වාර්තාවේ පිටු ගණන වැඩි වූවාට එක්සත් ජාතික පක්ෂය එයට බිය නොවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාත්න ශාලාවේ අද (01දා) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"බැඳුම්කර කොමිසමට අවශ්‍ය සාක්ෂි එක්සත් ජාතික පක්ෂය මගින්ද ලබාදුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩුවට කැපෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොට්ටුවට සහයෝගය දක්වන අයයි. “ යැයි ද පවසා සිටියේය.