බස්නාහිර පළාතේ කසළ ගැටලුව විසඳීමේ වගකීම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පැවරීමටත් ඊට අවශ්‍ය පූර්ණ බලතල ලබාදීමටත් තීරණය වී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයෙදී ඊයේ (03දා)රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනුව බස්නාහිර කසළ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා මේ සතිය තුළදී අදාළ වගකීම රණවක අමාත්‍යවරයාට පැවරීමටත්, බස්නාහිර පළාත් සභාව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,කොළඹ මහනගර සභාව කසළ සම්බන්ධ වගකීමෙන් නිදහස් කිරීමටත් එහිදී තීරණය වී තිබේ.
ආණ්ඩු පක්ෂ කණ්ඩයම් රැස්වීමට එක්වූ සියලුම අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එකඟතාව පළකර ඇතැයිද වාර්තා වේ. කසළ සම්බන්ධව මින් ඉදිරියට පරිපාලනමය වශයෙන් ගැටුමක් ඇතිකර නොගන්නැයි සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත්, පාඨලී රණවක මහතා විසින් මෙම ගැටලුව සාර්ථක අන්දමින් විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙම තීරණය දැනුම් දීමෙන් පසු එම වගකීම තමන්ට බාරගැනීමට හැකියාවක් ඇතැයි පාඨලී චම්පික අමාත්‍යවරයා එහිදී පවසා තිබේ. මීට අමතරව සයිටම් ගැටලුව සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුව තිබෙන අතර,මෙම ප්රශ්නයේදී ආණ්ඩු පක්ෂය එක මතයක සිටිය යුතු බවට අජිත්.පී.පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා විසින් යෝජනා කර තිබෙන අතර,ජනාධිපතිවරයාද එය අනුමත කර තිබේ.
ඒ අනුව සයිටම් ගැටලුවේදී ආණ්ඩු පක්ෂය එක මතයක සිටිය යුතු බවට සියලුම මන්ත්‍රීවරුන් අනුමත කර ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම පැවැත්වීමට කලින් සූදානම් කර තිබුණද පසුව එය අරලියගහ මන්දිරයේ පැවැත්වු බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවක් එම රැස්වීමට එක්නොවුනු බව මේ පිළීබදව කල විමසීකදී නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
අමිත් මධුරංග/චාමර සම්පත්
අමිත් මධුරංග/චාමර සම්පත්