Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 26 වන බදාදා
2025 පෙබරවාරි මස 26 වන බදාදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (26දා) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව සිය වෘත්තීය සමති ක්‍රියාමාර්ගය එළැඹෙන අඟහරුවාදා තෙක් අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමති එකමුතුව තීරණය කර ඇති බව වාර්තාවෙයි. පස්වරු 6.30ට පමණ මෙම සාකච්ඡාව ආරම්භවිය. කෙසේ වෙතත් ඉන්ධන සැපයමු යථා තත්ත්වයට පත්කිරිමට යම්කිසි කාලයක් ගතවෙනු ඇති බවද වාර්තා වෙයි.
ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවේදී හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කිරිමට එකඟ වූ බවත් මේ පිළිබඳව අමාත්‍යවරුන් වන අර්ජුණ රණතුංග මහතා හා මලික් සමරවික්‍රම මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමටත් ජනපතිවරයා එකඟ වී ඇත.
ජාතික සේවක සංගමයේ සේවකයන් සහ වර්ජනයට සහභාගි නොවූ සේවකයන් සේවයට වාර්තා කිරීම හේතුවෙන් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් යුද හමුදාව ඉවත් කර ගැනීමට කටයුතු කර ගෙන තිබේ.
තෙල් පැටවීමේ කටයුතුවලින් යුද හමුදාව ඉවත් වුවද සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාවට යුද හමුදා සාමාජිකයන් යොදවා සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට යුද හමුදාව ඇතුළත් වුවද තෙල් බෙදා හරින ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය අක්‍රීය වී තිබෙන බැවින් එම ස්ථානයෙන් තෙල් බෙදා හැරීමට නොහැකි වී තිබේ.
අදාළ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ජනයේ නිරත පිරිස විසින් අක්‍රිය කරන්නට ඇතැයි සංස්ථා නිලධාරියෙක් සඳහන් කළේය.
අදාළ ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය යථාතත්ත්වයට පත්කර ගැනීමට ආයතනික වශයෙන් දිනක කාලයක් ගත වන බවද සංස්ථා සේවකයෝ සඳහන් කරති.
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවයකයන් පිරිසක් කොලොන්නාවේ පැවැත්වූ විරෝධතාවට එරෙහිව කොලොන්නාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධය ප්‍රකාශ කරන ලදී. ප්‍රදේශවාසීන් පැමිණ විරෝධතාකරුවන්ට එරෙහිව විරෝධය දක්වීමත් සමගින් සේවයකයන් ඛණිජ තෙල් පර්යන්තය තුළට පිවිසියේය. ඉන් අනතුරුව වැඩවර්ජනය අවසන්විය.
පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇති ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් නිදහස් කළ විට අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
එසේම අද පස්වරු 6.30ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාදීම පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඔවුන් පවසයි.
කොළඹින් පිට ප්‍රදේශවල අද (26දා) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව විදුලි බල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්ධන සැපයුම අණහිටීම නිසා ඇඹිලිපිටිය හා කෙරවළපිටිය බලාගාරවල කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිටීම හේතුවෙන් විදුලි බල පද්ධතිය සමබරව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළැඹි බවද එම නිලධාරියා පවසා සිටියේය.
මෙම බලාගාර දෙක තුළින් මෙගාවොට් 400 විදුලි ධාරිතාවක් ලබාදුන් බවත්, අද දිනය තුළ ඉන්ධන සැපයීම සිදුනොකළ හොත් දිවයින පුරා පිහිටි සියලුම පෞද්ගලික ඩීසල් බලාගාර නතර කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් මේ වනවිට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කළ බවත්, මෙම බවුසර් වල ඉන්ධන කොළඹ අවට ප්‍ර‘දේශවල ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන සැපයීම සිදුකරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව මුතුරාජවෙල හා ලංකාව පුරා පිහිටි බෙදාහැරීමේ ගබඩා සංකීර්ණ වලට හමුදාව ඇතුළු වී සිටින බවත්, ඉදිරි පැය කිහිපිය තුළ වර්ජනය අවසන් නොකළහොත් එම ස්ථානවලින් හමුදාව මැදිහත් වී ඉන්ධන ලබාදීමක් සිදුකරන බවද පවසා සිටියේය.
කොළොන්නාව ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණ.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාකච්ඡා සඳහා සූදානම් නමුත් ජන ජීවිතය අඩාළ වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවයි.
එහිදී විපක්ෂයේ අනුර කුමාරදිසානායක, දිනේෂ් ගුණවර්ධන හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීය.
අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ ජනපති සමග සාකච්ඡා කර පැමිණෙමින් සිටි ඛණිජ තෙල් වෘත්තිය සමති නියෝජිතයින් 15ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
14.00 PM තෙල් පිරවූ බවුසර් කිහිපයක් කොළොන්නාවෙන් පිටවෙයි
ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම මත කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් ඉන්ධන පිරවූ බවුසර් කිහිපයක් පර්යන්තයෙන් පිටතට පැමිණ තිබේ. කෙසේ වෙතත් ඛණිජ තෙල් වෘත්තීය සමිති නියොජිතයන් හා අමාත්‍යවරයා අතර තවමත් සාකච්ඡා පැවැත්වෙන බව වාර්තාවෙයි.
ගුවන් හමුදාවට ඉන්ධන ලබාගැනීමට පැමිණි ඉන්ධන කෝච්චියක් පර්යන්තයට ඇතුළු කිරීම වෘත්තීය සමිති නියෝජිතයන් විසින් වළක්වාලීය. මේ අතර ඛණිජ තෙල් සංස්ථා සේවකයන් විසින් දෙමටගොඩ - කොලොන්නාව මාර්ගය අවහිර කර ඇත.
සංස්ථා සේවකයන් සේවයට වාර්තා කරනතුරු පෞද්ගලික ඉන්ධන බවුසරවලට ඉන්ධන පිරවීම සිදු නොකරන බව තෙල්ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වර්ජනයට තම සංගමය කිසිදු සහයෝගයක් ලබානොදෙන බවත්, එහෙත් හමුදා සාමාජිකයන් රථවලට ඉන්ධන ලබාදුන්නත් ප්‍රවාහනයේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් එම සංගමයේ නියෝජිතයෙක් සඳහන් කළේය.
12. 10 PM පෙරටුගාමී පක්ෂයෙන් ආණ්ඩුවට තර්ජනයක්
ආණ්ඩුව විසින් තෙල් සංස්ථාවේ සේවකයන්ට අත තබා තිබුණහොත් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක් සූදානම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (26දා) පැවසීය.
ජනතාවගේ බලය දියවන්නාවේ පාර්ලිමේන්තුවට වඩා විශාල බැවින් අනිවාර්යෙන්ම ආණ්ඩුවට දන ගැසීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
මරදාන සීඑස්ආර් ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවටද, හම්බන්තොට තෙල් ටැංකි චීනයට පවරාදුනහොත් ඇමෙරිකාව සහ චීනය අතර ඉදිරියේදී ඇතිවිය හැකි ලෝක යුද්ධයකට මෙරට ජනතාව මැදිවන බවයි.
මේ තත්ත්වය තුළ මිලියන 22ක් වන මෙරට ජනතාවගේ ජීවිත අවදානමක පවතින බවත්, තෙල් සංස්ථා සේවකයන් වැඩවර්ජනය කරනුයේ මෙම අනතුර දැකීම නිසා බවත් ඒ මහතා පවසා සිටියේය.
12.00 PM හමුදාව තෙල් ටැංකි සංකීර්ණයට ඒමට එරෙහිව අධිකරණයට
කොලොන්නාව හා මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයට හමුදාව, පොලීසිය කඩා වැදීම පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් වන අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡා නොකර එය කඩාකප්පල් කිරීම මෙරට කම්කරු නීතිරීතිවලට අනුව නොහැකි බවද ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව වත්තල පොලීසියට පැමිණිලි කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කළේය.
මීට අමතරව ඛනිජ තෙල් සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
09.00 AM සේවයට නොඑන ඛණිජ තෙල් සේවකයන්ගෙ සේවය අත්හිටුවයි
ඛණිජ තෙල් බෙදා හැරීම ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කර ඇති හෙයින් එම සේවාව හා සම්බන්ධ සියලු දෙනාටම වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දන්වා සිටියි.
එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සළකන බවද රජය දන්වා සිටියි. එසේම ඛණිජ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත්කර ඇති හෙයින් බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙසද රජය වැඩිදුරටත් දන්වා සිටියි.
8.00 AM පළමු තෙල් බවුසරය උදේ 10.00 පසු
පළවෙනි ඉන්ධන බවුසරය අද (26දා) දින උදේ දහය පමණ වන විට තෙල් සංස්ථාවෙන් ලබාදීමට හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන නිසා හමුදා සාමාජිකයින් තෙල් සංස්ථා පරිශ්‍රයට මේවනවිට ඇතුල් වී තිබෙන බවද පවසා සිටියේය.
එහිදී සේවය කරන සේවකයින්ට ආරක්ෂාව සපයමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදාහරින බවද හෙතෙම කියා සිටියේය. ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබෙනා වැඩවර්ජනයට මේවනවිට දින දෙකක් ගතවී තිබේ.
ඛනිජතෙල් බෙදාහැරීම අත්‍යවශය සේවාවක් බවට පත් කරමින් ඊයේ (25දා) මධ්‍යම රාත්‍රී නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්ත වෙත හමුදාව ඇතුළු වෙමින් තෙල් බෙදාහැරීම යථාතත්ත්වයට පත්කරමින් සිටී.
ඒ අනුව, වර්ජනයට එක්ව සිටින සේවකයන් ඉවත්කර ඊට සහාය නොදක්වන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපතිරවයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.
එමෙන්ම, වරායන් තුළ නැවක් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත්කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටුකළ යුතු බවටද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
කනිජතෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකන බවද රජය දන්වා සිටී.
එමෙන්ම, කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල බෙදාහැරීම යථා තත්ත්වයට පත්කර ඇති බැවින් තෙල් බෙදාහරින බවුසර්වලට එම ස්ථාන සඳහා යන ලෙසද දැනුම් දී තිබේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කැඳවා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිටත් දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වේ.
වර්ජනය සැලවීමත් සමග පෙරේදා (24දා) රාත්‍රියේ පටන් පැවති දැඩි ඉල්ලුම සපුරාලීම හේතුවෙන් ඉන්ධන තොග අවසන් වීමෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම් හල් රැසක් ඊයේ (25දා) දවහල් වන විට වසා දමා තිබුණි.
එසේ වසා දැමුණු ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසා තිබුණේ බොහෝ රථ වාහන හිමියන් ටැංකි පිරෙන්නම (ෆුල් ටෑන්ක්) ඉන්ධන ලබාගැනීම හේතුවෙන් ඉන්ධන තොග අවසන්ව තම පිරවුම්හල වසාදැමීමට කටයුතු කළ බවයි.
මේ අතර, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර ඊයේ (25දා) පස්වරුවේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී ඇත.
එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කර තිබේ.
මෙහිදී, වැඩවර්ජනය අත්හැර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි අමාත්‍යංශ ලේකම්වරයා සහ ඛණිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් කර තිබූ යෝජනාව, ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයන් එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති අතර, එසේ වර්ජනය අවසන් කළ හැකි වන්නේ ජනාධිපතිවරයා ලබාදෙන විසඳුම පිළිගත හැකිනම් පමණක් යැයිද වෘත්තීය සමිති නායකයන් ලේකම්වරයාට සහ සභාපතිවරයාට දන්වා යවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd