අද (28දා) පාර්ලිමේන්තුව අගෝස්තු 4 වැනිදාට කල් තැබීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ මතභේදාත්මක ලෙස හැසිරී ඇතැයි වාර්තා වෙයි.
එහිදී විපක්ෂ මන්ත්‍රී කතානායක පුටුවේ වාඩි වි ඇති අතර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පාර්ලිමෙන්තුවේ ජනපතිවරයාගේ පුටුවේ වාඩි වී ඇත.
කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පුටුවේ වාඩි වී තිබේ. මේ පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීද අදහස් පළ විය.
එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ ජනපති අගමැති තවදුරටත් එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා මෙන් කටයුතු නොකළ යුතු බවයි.