හාල් ගේන්න වෙළඳ පොළට ගිහාම මිලෙන් පහසු වගේම ,දැක්කම පිරිසුදු පැහැයක් ඇති ගඳක් නොඑන සහල් තෝරගන්න බොහෝ දෙනා උනන්දුයි. ඒ අතර ඔන්න වෙළඳ පොලේ තැණින් තැන ප්ලාස්ටික් සහල් පැතිරිලා තියෙන ආරංචිය අහල ඔබත් සෑහෙන්න කලබල වෙලා ඉන්නවා වෙන්න පුලුවන්.
මේ සහල් අඳුනගන්න ඉතිං ගෙදර ගෙනත් තම්බලාම බලන්න වෙනවා නේ කියලා ඔබට හිතෙනව වුණත් තම්බන්නෙ නැතිව මේ සහල් ප්ලාස්ටික්ද හොයාගන්න ක්‍රම කීපයක් තමයි මේ.
ඇතැම් රටවල් වල සහල්වල ස්වභාවය අතර බොහෝ වෙනස් කම් තිබෙනවා . ඒ නිසා කැඳ සහිත බව වැඩි වීම පිටි ගතිය වැඩි විම දිලිසෙන සුලු ස්වභාවය වැනි දේවලින් සහල් ගැන හොයන එක ඒ තරම් ප්‍රායෝගික නැහැ.ඔබ මිලදී ගන්නා ආහාර සුරක්ෂිත ආහාරද යන්න තහවුරු කරගෙන මිලට ගැනීම ඔබට ඇති අයිතියක්.
වෙනදා පුරුද්දට සහල් මිලට ගනිද්දි වැඩි ප්‍රමාණවලින් මිලට ගන්න කළින් පළමුව සහල් කිලෝවක් දෙකක් ගෙදර ගෙනවිත් පරීක්ෂාවට ලක්කිරීම වඩාත් සුදුසුයි. ඔබ ගෙනෙන සහල් වලින් මිටක් පමණ වතුර භාජනයකට දමා බලන්න. සැබවින්ම සහල් යනු බරින් යුතු දෙයක් බව ඔබ දන්නවා. උඩ පාවෙනවා නම් ඒ සහල් ඇට පරණ හෝ ගුල්ලන් විදි ආහාරයට නොසුදුසු ඒවා සේ ඔබ තිරණය කර තිබෙන්නට පුලුවන්.
නමුත් දියට දැමූ සහල් භාජනයේ පතුලට නොවැටී උඩ පාවෙනවා නම් ඔන්න ඔබ ප්ලාස්ටික් සහල් ගෙදරට ගෙනවිත් බව සැක කළ හැකි එක් ලක්ෂණයක්, තමයි ඒ.මේ හැරෙන්නට තවත් ක්‍රමයක් තමයි මේ. මේ සහල් ඇට කීපයක් පුලුස්සා බලන්න. ගිණි කූරක් මගින් හෝ වෙනත් ආකාරයකින් සහල් පිළිස්සීමෙදී ප්ලාස්ටික් ගඳක් වහනය වෙනවා නම් එයත් ප්ලාස්ටික් සහල් බව හඳුනාගත හැකි තවත් ලක්ෂණයක්.
බත් පිසීමෙන් අනතුරුව එයින් සුලු ප්‍රමාණයක් වෙනත් බඳුනකට ගෙන දින කීපයක් තබන්න. දින තුනකින් පමණ පසුව එය පරීක්ෂා කර බලන්න. එවිට ඒවා පිලුණු වී ඒ මත පුස් වර්ග ඇතිවී ඇත් නම් එයත් ඒ ප්ලාස්ටික් සහල් නොවන බව හඳුනාගත හැකි ලක්ෂණයක්. ස්වභාවික සහල් හඳුනාගත හැකි ක්‍රමයක් නම් ඒවා පිසීමෙන් පසු නරක් වී දිලීර වර්ග වැඩීමට ඇති හැකියාවයි. ප්ලාස්ටික් සහල් මත එසේ පුස්වර්ග වැඩීම බලාපොරොත්තු විය නොහැකියි.
බත පිසූ පසු බත් ඇට ස්වල්පයක් ගෙන තෙලේ බැද බලන්න. එසේ තෙලේ බැදීමේදි (තෙල් සෙන්ටිග්‍රේඩ් අංශක 200 ට රත් වූ පසු බැදිය යුතුයි) ප්ලාස්ටික් සහල් නම් ඒවා තෙල් තාච්චියේ යටට බසී. සැබෑ සහල් නම් බැදීමේදී උඩ පාවෙයි. එමෙන්ම ප්ලාස්ටික් තම වාෂ්පාංකය ලඟාවීමේදී තෙලින් ඉහළට පැමිණ තාච්චියේ තෙල් මත දැඩි පටලයක් බඳියි .එමගින්ද ඔබට ඒ ප්ලාස්ටික් සහල් ද හඳුනා ගත හැකිය.
කෙසේ නමුත් මේ සියල්ල ඔබට කළ හැකි වන්නේ නිවසේ පිසූ ආහාර සම්බන්ධයෙන් පමණකි. එම නිසා ඔබ ආහාර මිලදී ගැනීමේදී වඩා විශ්වාසවන්ත ලෙස ආහාර සම්බන්ධයෙන් වග කියන තැනකින් මිස ආහාර පාන මිලදී නොගන්නට වග බලා ගැනීමත් වැදගත්. හැකි තාක් ඔබේ ආහාර පාන නිවසේ පිළියෙල කරගත් ඒවා යන විශ්වාසය ඔබට මෙවන් විෂම ආහාර වලින් බේරෙන්නට ඇති පහසුම මගක්.