මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අද (17දා) රජයට පවරා ගන්නා අතර එම රෝහලේ සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු 01 දා ඇරඹීමට රජය තීරණය කර තිබේ.
පෙරවරු 10.00 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල රජයට පවරා ගැනීමට නියමිතය.
රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් පමණ වෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය.
එසේම රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් බැංකු ණය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවීමට නියමිතය. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ජයවර්ධනපුර රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය.