නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීමටත්, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනකාරිත්ව පුළුල් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.
අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවැසුවේ් නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යෑමට රජය කටයුතු කරන බවයි.