(UPDATE) අද සිදුවූ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යධුර වෙනස් කිරීමේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කොට තිබේ. හර්ෂද සිල්වා මහතා ආර්ථික විශේෂඥයෙකි.
මුදල් රාජ්‍ය අමාත්‍ය - එරාන් වික්‍රමරත්න
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය - වසන්ත සේනානායක
වරිමාර්ග රාජ්‍ය අමාත්‍ය - පාලිත රංගෙ බණ්ඩාර
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් යාපා අබේවර්ධන
සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය - රන්ජන් රාමනායක
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - කරුණරත්න පරණවිතාන
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - හර්ෂද සිල්වා
රජයේ නියෝජ්‍ය අමාත්‍යධුර කිහිපයක් අද දිනයේදී වෙනස්වීමට නියමිතය. නියෝජ්‍ය අමාත්‍ය 10 දෙනෙකුගේ පමණ විෂය මෙහිදී වෙනස් වීමට නියමිත බවයි ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නව විෂය පථ එක්වීමටද නියමිතය.