දුම්රිය වැඩවර්ජනයට තවත් දුම්රිය ශ්‍රේණි කිහිපයක් එක්වීම නිසා සමස්ත දුම්රිය ධාවනය මේ වනවිට 90%කින් ඇණහිට තිබේ.
එන්ජින් රියදුරු සේවයට ඇතිවී තිබෙන ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩ වර්ජනයක් දියත් කරමින් සිටියි.
මීට අමතරව, වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් රියදුරන් නියාමකයන්ද අද (07දා) මධ්‍යම රාත්‍රී 12.00ට සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ නිසා මේ වනවිටත් දුම්රිය ධාවනය කිරීම ඇණහිට ඇත.