දුම්රියන්වලට ගල් වලින් පහරදුන් පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාව සමත්ව තිබේ. දුම්රියට ගල්වලින් පහර දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා රටපුරා දුම්රිය මාර්ග ආවරණය වන ආකරයට ක්රියාත්මක වෙන මෙහෙයුම්වලට සමගාමීව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කොල්ලුපිටිය ප්රදේශයේදී දුම්රියට ගල් ගැසූ සිවු දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු කොල්ලුපිටිය පොලීසියට භාරදීමට දුම්රිය ආරක්ෂක හමුදාව කටයුතු කර තිබේ.
පුත්තලම සිට ගල්කිස්ස දක්වා ගමන් කරමින් තිබූ අංක 732 දුම්රියට අද (14දා) කොල්ලුපිටිය ප්රදේශයේදී මෙම ගල් ගැසීම සිදුකර තිබේ.