(UPDATE) ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් සිටි තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු අවුරුදු 88ක් ආයු වළඳා ඊයේ (13දා) අභාවප්‍රාප්ත විය.
වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුවද, ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටි යුග පුරුෂයෙකු ලෙස සැලකෙයි.
පසුගිය වසර කිහිපය පුරා රෝගාතුරව සිටි භූමිබෝල් රජු, එම කාලය පුරාවට ජනතාව ඉදිරියට පැමිණියේද අවස්ථා කිහිපයකදී පමණි.
ඒ අනුව, තායිලන්තයේ නව ඔටුන්න හිමි මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු එරට නව රජු ලෙස කිරුළු පළඳිනු ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පවසා සිටියේය.
බෞද්ධ රජෙකු ලෙස දීර්ඝ කාලයක් සිය රට වෙනුවෙන් සේවය කළ භූමිබෝල් රජු අනිවාර්යයෙන්ම දෙවියන් අතර ඉපදී ඇති බවත්, එතුමා මේ වනවිට රටේ ජනතාව දෙස බලාගෙන සිටිනු ඇති බවත් අගමැතිවරයා පවසා සිටියි.
භූමිබෝල් රජුගේ අභාවය වෙනුවෙන් වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමටත්, මාසයක් යනතුරු සියලු විනෝදාස්වාදී කටයුතු අවලංගු කිරීමටත් තායිලන්ත රජය තීරණය කර ඇති බවද පවසා සිටියේය.
1927 දෙසැම්බර් 05 වැනිදා ඇමෙරිකාවේ, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, කේම්බ්‍රිජ් හිදී උපත ලබා ඇති භූමිබෝල් රජුගේ පියා මහිදෝල් අදුල්යාදේජ් කුමරුය. ඔහු හාවඩ් සරසවියේ ඉගෙනුම ලබන කාලයේදී භූමිබෝල් කුමරු ඉපදුණි.
හාවඩ් අධ්‍යාපනයෙන් පසුව මහිදෝල් කුමරු යළි සිය බිරිඳ හා දරුවා සමග තායිලන්තයට පැමිණි අතර, භූමිබෝල් කුමරුට වයස අවුරුදු දෙකේදී මහිදෝල් රජු කාලක්‍රියා කළේය.
පියාගේ අභාවයෙන් පසුව භූමිබෝල් කුමරුගේ මව සිය පුතුද සමග ස්විට්සර්ලන්තයට ගිය අතර, ඔහු එහිදී සිය අධ්‍යාපනය ලැබීය.
කෙසේ වෙතත්, වර්ෂ 1932 දී තායිලන්ත රාජ්‍යත්වයේ බලතල අඩු කිරීමෙන් පසු රජ පවුලට හිමි රාජකීය තත්ත්වය ක්‍රමයෙන් හීන වූ අතර 1935 දී භුමිබෝල් කුමරු ගේ මාමා වූ ප්‍රජාධිපොක් රජු සිය රාජ්‍ය පාලනය අත්හළේය.
මේ තත්ත්වයත් සමග තායිලන්ත සිහසුන භූමිබෝල් කුමරුගේ සහෝදරයෙකු වූ එවකට 9 හැවිරිදි වියේ පසුවූ ආනන්ද කුමරු වෙත පිරිනැමුණි.
නමුත්, 1946 වසරේ බැංකොක් රජ මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය ගියේය. රජුගේ අභාවයෙන් පසුව භූමිබෝල් වෙත රාජ්‍යත්වය හිමි වූ අතර, එවකට ඔහුගේ වයස අවුරුදු 18 කි.
භූමිබෝල් කුමරු තම අධ්‍යාපන කටයුතු සඳහා ස්විට්සර්ලන්තයට නැවත ගොස් සිටියදී පැරීසියේ කළ සංචාරයකදී සිය අනාගත බිරිඳ වූ සිරිකිට් කුමරිය හමුවිය. එවකට ඇය තායිලන්තයේ ප්‍රංශ තානාපතිවරයාගේ දියණිය වූවාය.
මේ සුන්දර තරුණ යුවළගේ හමුව 1950 අප්‍රේල් 28 වැනිදා ඔවුන් යුගදිවියට එළැඹීමෙන් කෙළවර විය. ඒ බැංකොක් නුවරදී තායිලන්ත රජු ලෙස භූමිබෝල් අදුල්යාදේජ් කිරුළු පැළඳීමට සතියක් තිබියදීය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)