රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළේ කවුද? එය කළේ කොතරම් කෘෘර ආකාරයෙන්ද යන්න තමන් දන්නා බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම තාජුඩීන් ඝාතනය කිරීමට අදාළව දුරකතන සංවාද පිළිබඳව තොරතුරුද හෙළිව ඇති බව ඔහු සඳහන් කළේය.
එසේම ආණ්ඩුව තුළ සිටින හොරුන් ආරක්ෂා කරන පුද්ගලයින් ඉදිරියේදී සමාජගත වෙනු ඇති බවත් ඔහු පැවැසීය.