සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු උවදුර කඩිනමින් මර්දනය කිරීම සඳහා අද (06දා) රජයට යෝජනා 08ක් ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසර පුරාම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණයට සමාන ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් මේ වසරේ පළමු මාස 05ට වාර්තාවී තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඩෙංගු මර්දනය කිරීම සඳහා මෙම යෝජනා රජයට ඉදිරිපත් කළ බවද හෙතෙම පවසා සිටියේය.