(UPDATE) සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි තෙල් ටැංකි පෙළකට සහ අවි ගබඩාවකට ඊශ්‍රායල ගුවන් හමුදාව අද (27දා) අලුයම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාරය කොතරම් ප්‍රබලද යත් එයින් ඩැමස්කස් නගරය ගිගුම්දුන් බවත්, මහා ගිලි ජාලාවක් සමග එම පිපිරීම් සිදුවූ බවත් විදෙස් වාර්තා පවසයි.
ඉරානය විසින් සිරියානු රජයේ හමුදා වෙත ආයුධ සැපයීම වැළැක්වීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය පවසන අතර, ප්‍රහාරයට පෙර අහස් යානා කිහිපයක් ගුවනේ සැරිසැරූ බව ඇසින් දුටුවෝ පවසති.
සිරියානු විපක්ෂය පවසන්නෙ මෙම අවි ගබඩාව ඉරානයේ ආධාර ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් පවත්වාගෙන යන්නකි බවයි.
සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එය දැවැන්ත පිපිරීමක් බවත්, පිපිරීමේ හඬ ඩැමස්කස් නගරය පුරා ගිගුම් දුන් බවත් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් පවසයි.
මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඩැමස්කස් නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ ගිණිකොණදිගින් පිහිටා තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් විශාල ගින්නක් ඇතිව තිබෙන අතර, ප්‍රහාරයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු ලැබී නොමැත.