ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පොලිස් සැරයන් ජේ.ඒ.ඩී.සී. අබේවික්‍රම නිලධාරියාගේ අවමඟුල් උත්සවය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව තිබේ.
පසුගියදා මත්ද්‍රව්‍ය වැටළීමකට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර ඒ වන විට පොලිස් කොස්තාපල් නිලයේ සිටි අබේවික්‍රම මහතා ඊයේ (13දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමටත් කටයුතු කළේය.
අබේවික්‍රම මහතා පොලිසි මත්ද්‍රව්‍ය නාශක අංශයට අනියුක්තව කටයුතු කළේය. ජනපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත මත්ද්‍රව්‍ය විරෝධී සටනට උරදී සිටින නිලධාරීන්ට දක්වන විශේෂ සැලකිල්ලක් ලෙස ජනපතිවරයා මෙම අවමඟුල් උත්සවයට එක්ව තිබේ.