ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන් ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ‘අද‘ ට පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කොන්කිරීමේ වැඩපිළිවෙළක ජනාධිපතිවරයා යෙදී සිටින බවත්,පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරු සමගින් පමණක් කටයුතු කරමින් ජනාධිපතිවරයා මුල අමතක කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව අද (30දා) දින ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට තමන්ට ආරාධනා කර නොමැති බවත්, බණ්ඩාරවෙල ජනතාව මුහුණපා ඇති ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලිව දන්නා තමන්ට ආරාධනා කර නොමැති සාකච්ඡාවලට නොයන බවත් ඒ මහතා කීය.
“පසුගිය ආණ්ඩුව විසින් උමා ඔය ව්‍යෘපෘතිය ආරම්භ කළේ.නමුත් අපේ ආණ්ඩුවත් එම ව්‍යාපෘතිය සම්බන්ධව කල්මරමින් සිටින ප්රතිපත්තියක ඉන්නේ.ඒ නිසා තමයි බදාදා හර්තාල් කරලා උද්ඝෝෂණ කළේ.ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයෙන් ලිස්සනවා.මේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින්ම කරන්න ඕන දෙය ජල කාන්දුව නවත්වන එක.ඒකට පිළියම් නෑ.ජනතාව බියගන්වමින්, කෑගහන බොහෝදෙනා ඒකට පිළියම් ඉල්ලන්නේ නෑ.බදාදා පැවැති උද්ඝෝෂණය මෙහෙයවූ අයට පැහැදිලි දේශපාලන අරමුණක් තිබුණා.
මම ආණ්ඩුව නියෝජනය කළාට මාව ස්වාධීන කළේ ජනාධිපතිතුමාමයි. උමා ඔය ව්‍යාපෘතියේ සහන ලබාදීම සඳහා පැවැත්වෙන සාකච්ඡා ගැන සඳහන් ලිපියේ පිටපත් රාශියක් දේශපාලන අධිකාරින්ට එතුමා එවලා තිබුණා.
බණ්ඩාරවෙල ආසන සංවිධායක,බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වන මගේ නම ඒකෙ සඳහන් කරලා නෑ.ඒ කියන්නේ මේ ආණ්ඩුවේ මම නියෝජනය වෙන්නෑ කියන කාරණයද?මෛත්‍රිපාල දිනවන්න කැපවෙලා වැඩකරපු මන්ත්‍රීවරයෙකුට ඒ බව දන්වන්නේ නැහැ කියන්නේ ඒ ආණ්ඩුවේ මම නියෝජනය කරන්නෑ කියන කාරණය.අපි පත්කරපු ජනාධිපතිවරයා මෙහෙම කරනවා නම් මම තීන්දුවක් ගෙන ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා.පසුගිය ආණ්ඩුවේ මැතිඇමතිවරුන් තමයි ජනාධිපතිතුමා එක්ක ඉන්නේ.
ගිය ආණ්ඩුවේදී ඔවුන් කරපු දේවල් යූඑන්පී එක් මන්ත්‍රීවරුන්ගේ කරපිට තියලා ඉදිරියට ගෙනියනවා. මන්ත්‍රී කෙනෙක් විදියට මට තේරෙනවා,සයිටම් ප්රශ්නය ගත්තත්,උමා ඔය ප්රශ්නය ගත්තත් අනෙකුත් ප්‍රශ්නවලට වගකියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ අපි නෙමෙයි.හැබැයි ඒ සියල්ල අපේ පිට තියලා ඒගොල්ලෝ ආරම්භ කරපු ව්‍යාපෘතිය,ඒ ගොල්ලෝ ගහගත්තු කොමිස් ටික ආරක්ෂා කරගෙන ඒ ගොල්ලෝ බේරිලා ඉන්නවා.අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි කල්තැබීමේ විවාදයට මගේ මංගල කතාව විදියටත් ඉදිරිපත් කළේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධවයි.අගමැතිතුමා මේක විසඳන්න විශාල වෑයමක්,මැදිහත්වීමක් දැරුවා.නමුත් විෂය භාර ඇමතිවරයා විදියට ඉන්නේ ජනාධිපතිවරයා.ජනාධිපතිවරයාට තියෙන විධායක බලය අනුව ඔහු අබිබවා යැමට අගමැතිවරයාට හැකියාවක් නැති බව මට තේරුණා.එතුමා ඒක ප්‍රකාශ කළේ නෑ.අගමැතිවරයා දරන උත්සාහයේ ඵලයක් නැති බව මම අවසානයේදී තේරුම් ගත්තා.
ඇමතිවරයා හැටියට රටේ ජනාධිපතිවරයා මේ පිළිබඳ උනන්දුවක් නොදක්වන බව පැහැදිලි වුණා.අද පැවැත්වෙන සාකච්ඡාවට මට ලිඛිතව එන්න කියලා නැති නිසා මම සහභාගි වෙන්නෙ නෑ.ජනාධිපතිතුමා අපිව තල්ලු කර තිබෙන්නේ ස්වාධීන වෙන විදියටයි.හරින් ඇමතිතුමා කිව්වා පුළුවන්නම් එන්න කියලා.මම දැනුම්දීමකින් තොරව සාකච්ඡාවට සහභාගිවෙන්නෙ නෑ.ඒක ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ,නීත්යනුකූලත් නෑ" යනුවෙන් පවසා සිටියේය.