තමා ජනපතිවරණයට ඉදිරිපත්වූයේ පැන යෑමට නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහුගෙන් ප්‍රශ්න විමසීම සඳහා ට්විටර් ගිණුම හරහා ලබාදුන් අවස්ථාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
"ජාත්‍යන්තර /ආර්ථික අර්බුද හමුවේ ඔබ කළින් ජනපතිවරණයක් කැඳවා ප්රශ්ණයෙන් පලාගිය බව ජනපති මෛත්‍රී ඊයේ චෝදනාකළා පිළිතුර?" යනුවෙන් හිටපු ජනපතිවරායාගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඔහු ඉහත පිළිතුරු ලබාදුන්නේය.
මෙහිදි ඔහු ලබාදුන් පිළිතුරු සමහරක් මෙසේය.
සිය පාලන කාලයක් තුළදී යහපාලන රජය යටතේ වැරදි කළ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ පවතින නිතිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් වත්මන් රජය විසින් ස්ථාපිත කළ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිවිරෝධී ඒකකයක් බවත් ඔහු පැවැසිය. එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිමය ඒකකයක් බවට පත්කරන බවද හිටපු ජනපතිවරයා සඳහන් කරයි.
එසේම ජනතාව සූදානම් බලය ලබාගැනිම ඉතාමත් ඉක්මනින් කළ හැකි බවත් ඔහු පවසයි. රජය ලබාගන්නා ණය ප්‍රමාණය අනුව සංවර්ධන කටයුතු සිදුනොකරන බවත් ඔහු පෙන්වා දෙයි.
