හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් 45 දෙනෙකු ඉවත් කර ඇති බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කිරීම නිසා අද (05දා) පාර්ලිමේන්තුව ආරම්භයේදීම සභාව උණුසුම් විය.
හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් එල්ලවී ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා , අගමැතිවරයා හා සාගල රත්නායක ඇමතිවරයා සමග අද දින මේ සම්බන්ධව සාකච්ඡා කරන බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මැයි දින රැස්වීම පදනම් කරගෙන ආරක්ෂාව ඉවත් කර ඇත්තේ දේශපාලන කාරණයක් මත බවත්, මෙවැනි බලපෑම් ඇති කිරීම සාධාරණ නොමැති බවත්ය.