ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද (10දා) පැවසීය.
අමාත්‍යවරයා - ''ශ්‍රී ලංකාවේදී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න බෑ. ඒක තමයි ලංකාවේ නීතිය''
මාධ්‍යවේදීන් - ඇමතිතුමා ඒකට හේතු?
අමාත්‍යවරයා - ඒක තමයි මමත් දන්නේ නැත්තේ. දැන් මේවා අහනකොට තමයි මට බණින්නේ. ගෝඨාභය රාජපක්ෂගේ වැරදි අපි කතා කළේ ගිය ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන. කිහිපදෙනයි කශේරුකාව තියන් කතා කළේ. අනිත් අය මහරජාණෙනි කිව්වා.