ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය ප්‍රමාද වීමේ සිද්ධියට අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි අදාළ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බවයි. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය කාර්යය මණ්ඩල සේවකයෙකුගේ ප්‍රමාදයක් හේතුවෙන් ඊයේ(20) දිනයේ පැය 15 ක පමණ කාලයක් අදාළ ගුවන් යානය ප්‍රමාද වුණි.