එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් දැරීම සඳහ සුදුසුකම් නොමැති බව අභියාචනාධිකරණය ප්රකාශ කර තිබේ. ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය තිබෙන හෙයින් ඇය මෙසේ ශ්රී ලංකාවේ මන්ත්රිවරියක් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.