ගාලු දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රීධුරය අහෝසි බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාට දැනුම් දී තිබේ.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් මන්ත්රීවරියට ශ්රී ලංකාවේ මන්ත්රීධුරයක් දැරිය නොහැකි බව අභියාචනාධිකරණය පසුගියදා තීන්දුවක් ලබාදුන් අතර එම තින්දුව මැතිවරණ කොමසමට දැනුම් දෙමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මේ බව පවසා ඇත.
ගීතා කුමාරසිංහට ශ්රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ පුරවැසි බව ඇති බව වාර්තාවෙයි.