කම්කරු අයිතීන් මර්දනය කිරීම සඳහා කිසිදු ලෙසකින්වත් වත්මන් රජය කටයුතු නොකරන බව කම්කරු අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා අද (28දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඒ අනුව පසුගියදා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට විශේෂ ත්‍රිවිධ හමුදා බලතල සහිත තනතුරක් ලබාදෙන බවට සිදුකළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
තමා මේ පිළිබඳව ජනපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් එතුමා ඒ සඳහා කිසි විටෙකත් කටයුතු නොකරන බවත් එවැනි අවස්ථා ඇතිවීමට ඉඩ නොතබන බවත් තමන්ට පවසා සිටී බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.