ඉන්දියාවේ භාවිතය තහනම් කර තිබෙන රෝද හතරේ වාහනයක් ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.
ත්‍රිරෝද රථයකට සමාන ලෙස සකස් කළ මෙම වාහනය ඉන්දියාවේ නිෂ්පාදිත එකක් බවත්, එහෙත් එම වාහනය ධාවනයේදී අනතුරු බහුලවීම නිසා ඉන්දියාවේ භාවිතය තහනම් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කළේය.
මේ නිසා මෙම ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත්,ඊට පෙර මේ මස 06 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් බාර දෙන බවත් හෙතෙම පවසා සිටියේය.