අන්තර්ජාල සඳහා පසුගිය අයවැයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා නියම කළ බදු වැඩිකිරීම අත්හිටුවිමට වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.
අන්තර්ජාල භාවිතයේදී කලින් තිබූ 10%ක දුරකතන බද්ද 25%ක් දක්වා පසුගිය අයවැයෙන් ඉහළ දැමිණ. එහෙත් පාසල් දරුවන් මෙන්ම සරසවි සිසු සිසුවියන්ටද මෙම ඉහළ බදු නිසා අන්තර්ජාල භාවිතය බරපතල ප්රශ්නයක්ව ඇතිව තිබේ.
ඒ හේතුවන් කලින් පැවැති බදු ප්‍රතිශතයම ක්‍රියාත්මක කිරීමට මංගල සමරවීර මහතාගේ අවධානය යොමුව තිබේ.
සංජීවිකා සමරතුංග