ඉදිරියේදී රැකියා විරහිත වෛද්‍ය උපාධිධාරීන් බිහිවීමේ අවදානමක් ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පෙන්වා දෙයි. නිසි අධ්‍යයනයකින් සහ දීර්ඝකාලීන සැලැස්මකින් තොරව වෛද්‍ය උපාධිධාරීන් බිහිකළහොත් මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයේ තවත් ගැටලු ඇතිවිය හැකි බවද එම සංගමය සඳහන් කරයි.
විදේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විභාගයට පෙනීසිටීමට වෙන් වෛද්‍ය උපාධිධාරීන් 1000ක් සිටින බවත්, දැනට රජයේ වෛද්‍ය පීඨ 08හි වෛද්‍ය සිසුසිසුවියන් 7000ක් සහ විදේශීය රටවල වෛද්‍ය විද්‍යාලවල ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000ක් වෛද්‍ය උපාධිය හදාරන බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රියාකාරී වෛද්‍ය සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් 25,000ක් සිටින බවත්,තවත් වසර දෙකක් ඇතුළතවෛද්ය සේවයට එකතුවීම සඳහා 5000ක් බලා සිටින බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රකාශ කරයි.
තවත් වසර 05ක් ඇතුළත වෛද්‍ය සේවයට වෛද්‍යවරුන් 11,000ක් අලුතින් එක්වීමට නියමිත බැවින් ඒ වනවිට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සංඛ්‍යාව 41,000ක් දක්වා ඉහළ යන බවදඑම සංගමය පෙන්වා දෙයි.
දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21ක් වන බැවින් වර්තමානයේ ජනගහනයට අනුව වෛද්‍යවරුන් අනුපාතය 800ට එකක් බවත්,තවත් වසර දෙකකදී අනුපාතය 680ට එකක් වනු ඇති බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රකාශ කරයි.