පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිප තුළ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මේ මස 10 වැනිදා හා 11 වැනිදා යන දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
2016 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 44,822 වාර්තා වී ඇති බවද ඩෙංගු මදුරු මර්දනය සඳහා ක්ෂේත්‍ර පරීක්ෂකවරුන් 1,500ක් කඩිනමින් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.