දිවයිනට ඉහළින් ඇතිවී තිබෙන අභිසාරී තත්ත්වය හා නිරිත දිග සුළං හේතුවෙන් අද (24දා) සහ හෙට (25දා) ලංකාවේ සියලු දිස්ත්‍රික්කවලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අද දිනය තුළ තද වැසි ඇතිවිය හැකි අතර, මේ හරහා ගංවතුර තත්ත්වයන් පවා ඇතිවිය හැකි බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික්ක 18කට ඇතිවී තිබෙන වැසි තත්ත්වය හේතුවෙන් ඊයේ (23දා) වනවිට පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, එම පිරිසෙන් පවුල් 11,445කට අයත් පුද්ගලයෝ 43,368 දෙනෙක් ආරක්ෂිත කඳවුරු 214ක රඳවා සිටිති.
නිවාස 2,550කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබෙන අතර, පුද්ගල මරණ 13ක් සිදුව තිබේ.ඔවුන් අතරින්තිදෙනෙකු ඊයේ (23දා) මියගොස් ඇත.පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙන අතර, තවත් පුද්ගලයෙකු අකුණු අනතුරකට ලක්ව මියගොස් තිබේ.
ත්‍රිවිධ හමුදා දායකත්වය
ආපදාවලට පත්වූ ප්‍ර‘දේශවල කටයුතු සඳහා ඊයේ (23දා) දිනයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 546 දෙනෙකු යොදවා සිටි අතර, එම පිරිස් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට අමතර ගස් කඩාවැටී අවහිර වී තිබූ මාර්ග යථා තත්ත්වයට පත්කිරීම හා ජලගැලීම්වලට හසුවී සිටි ජනතාව ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑම සිදුකළහ.
මීට අමතරව හදිසි තත්ත්වයන් ඇති වුවහොත් එයට මුහුණදීම සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය 1,890 සිට 5,700ක් දක්වා ඉහළ දමා තිබේ.
නාය යෑම
රත්නපුර, කෑගල්ල, මහනුව, මාතලේ, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල පිහිටි කඳු නායයෑම්වලට ලක්විය හැකි බවට ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන අද (24දා) දිනයට බලපැවැත්වෙන ලෙස අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
මීට අමතරව තදවැසි ඇතිවන්නේ නම්, නායයෑම් සිදුවිය හැකි බවට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ප්‍රකාශයට පත්කර තිබෙන ප්‍ර‘දේශවලින් කඩිනමින් ඉවත්වන ලෙසද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සහන සැලසීම
ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ආපදාවලට ලක්වූ ප්‍ර‘දේශවල සංචාරය කරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට නිලධාරීන්ට උපදෙස් ලබාදීමට කටයුතු කළේය.
මීට අමතරව හානියට පත්නිවාස, දේපොළ හා වගාවන් පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ආරක්ෂිත කඳවුරුවල සිටින ජනතාවට අවශ්‍ය ආහාරපාන ලබාදීම අඛණ්ඩව සිදුකරන අතර, අනාරක්ෂිත ප්‍ර‘දේශවල පදිංචි ජනතාව එම ප්‍ර‘දේශවලින් ඉවත් කිරීමද ඊයේ දිනයේදී සිදුවිය.
ගංවතුරෙන් පීඩාවට පත්වූ හා අවතැන් වූ වැඩිහිටියන්ට සහ අබාධිත වූවන්ට අවශ්‍ය සහන සලසන ලෙස සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා බලධාරීන්ට ඊයේ (23දා) උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව මෙම පිරිස් පිළිබඳව තොරතුරු සොයා වහාම වාර්තාවක් ලබාදෙන ලෙසද ඒ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
දැඩිලෙස ආපදාවන්ට ලක්ව තිබෙන දිස්ත්‍රික්ක 14ක ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ඊයේ (23දා) දිනයේදී රුපියල් මිලියන 14.5ක් රජය මුදාහැරතිබෙන අතර,ජාතික රක්ෂණභාර අරමුදල විසින් රුපියල් මිලියන 5.5ක මුදලක්ද මුදාහැර ඇත.
දිවයින තුළ කාලගුණ තත්ත්වය
අද දිනය තුළදී සබරගමුව බස්නාහිර මධ්‍යම, වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් තරම් වූ තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව යාපනය, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ වූ වැසි ඇතිවිය හැකිය.
මුහුදේ කාලගුණ තත්ත්වය
දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගාල්ල සිට කොළඹ මන්නාරම කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍ර‘දේශවල තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍ර‘දේශවල විටින්විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකිය.
හිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.