දැනට ශක්‍යතා අධ්‍යන සිදුකරන සැහැල්ලු දුම්රිය පද්ධති (LRT) දෙකට අමතරව තවත් සැහැල්ලු දුම්රිය පද්ධති පහක් ආරම්භ කිරීමට නියමිත බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම රටේ පවතින ජල මූලාශ්‍ර භාවිතයට ගනිමින් ජල ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් සකස්කර ඇති අතර එම ව්‍යාපෘතිය වැල්ලවත්තේ සිට කිරුළපන හරහා බත්තරමුල්ල දක්වා ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම කොළඹ කොටුව සිට බේරේ වැව ජලාශය ඔස්සේ යුනියන් පෙදෙස දක්වාත්, කැලණි ගඟ මූලික කරගනිමිනුත් ජල ප්‍රවාහන පද්ධති පුද්ගලික අංශය සමග සම්බන්ධ වෙමින් ආරම්භ කිරීමට සූදානම් බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
මේ අනුව කොටුව දුම්රියපොළත්, බත්තරමුල්ල පරිපාලන නගරයත් එක්වන නව මාර්ග පද්ධතියක් ඇති කිරීමටත් බේස්ලයින් මාර්ගය හොරණ පාරට හා මැලිබන් හංදියට සම්බන්ධ කිරීමටද නියමිතය. එසේම වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දක්වා පවතින වෙරළ මාර්ගය වැල්ලවත්තේ සිට පානදුර දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම් සකස්කොට තිබේ.
බත්තරමුල්ල රටේ පරිපාලන නගරය බවට පත්කරමින් රාජ්‍ය ආයතන 113 ක් බත්තරමුල්ල නගරයේ ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් සෙත්සිරිපාය 3 හා 4 අදියරයන් 2017 වසරේදී ක්‍රියාත්මක කිරීමටද කටයුතු සකස් කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.