දිස්ත්‍රික්ක 16කට අද (22දා) දිනයේදී වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන බැවින් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබා තිබේ.
මේ අනුව අද දිනය තුළදී මොනරාගල, කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම දිස්ත්‍රික්කවලින් රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක් තරම් වූ තදවැසි හා මහනුවර, නුවරඑළිය, මාතලේ, මොනරාගල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.
දිස්ත්‍රික්ක 12කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යම් ආපදාවක් සිදුවුවහොත් එයට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව ආපදාවන්ට ලක්වන ජනතාවට සහන සැලසීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධ වී අවශ්‍ය කටයුතු කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.
ආපදාවේ බලපෑම
දිස්ත්‍රික්ක 12කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 3,495කට අයත් පුද්ගලයන් 13,485ක් පීඩාවට පත්ව තිබෙන අතර, ආරක්ෂිත කඳවුරු 20ක පවුල් 285කට අයත් පුද්ගලයෝ 1024 දෙනෙක් රඳවා සිටිති.
පුද්ගල මරණ 07ක් සිදුව තිබෙන අතර, නිවාස 636කට හානි සිදුව ඇත.
මෙම මරණවලින් මරණ 06ක් අකුණු අනතුරු හේතුවෙන්සිදුව තිබෙන අතර, නිවසකට පස්කන්දක් කඩා වැටීම නිසා තවත් පුද්ගලයෙකු මියගොස් ඇත.
ගොඩබිමේ සුළගේ වේගය
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල තාවකාලිකව තද වැසි ඇතිවිය හැකිය.
මුහුදේ කාලගුණය
කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළට.
මන්නාරම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට දක්වා මුහුදු ප්‍ර‘දේශවලට විටින් විට වැසි
පොදුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80 ත් දක්වා ඉහළ යාහැකිය.
නාය යෑම්
අවදානම අද සවස 4.00 දක්වා
රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, නුවර, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානම.
පොළොවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණුපැලුම්, මහපොළොවේ ගිලා බැසීම්, ගස් හා විදුලි කනු වැටවල් ක්‍රමානුකූලව ඇලවීම, ගොඩනැගිලිහා තාප්පවල ඇතිවන පිපිරුම්, එකවර ජල උල්පත් ඇති වීමහෝ තිබෙන ජල උල්පත් තුළින් බොරජලය මතුවීම නාය යෑමේ ලක්ෂණ වේ.
ගංගා රැසක් පිටාර ගලා පහත් බිම් යටවෙයි
ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ, මහඔය සහ අත්තනගළු ඔය අවට පහල කොටස්වල ජනතාවට අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
නෝර්වුඩ් ප්‍රදේශයෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර නාගලගංවීදිය, හංවැල්ල සහ කිතුල්ගල ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
තවලම සහ බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ පීටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම මහඔය පිටාර ගැලීම නිසා බඩල්ගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර ගිරිඋල්ල ප්‍රදේශයට තවදුරටත් ගංවතුර ඇති වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අත්තනගලුඔය පිටාර ගැලීම නිසා දූනමලේ ප්‍රදේශයේ ද ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර පේරාදෙණිය ප්‍රදේශයට ගංවතුර ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
තොරතුරු ලබාදීම
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් තොරතුරු ලබාදීමට හා ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව හදිසි අවස්ථාවකදී 117 හෝ 011-2670002, 011-2136136, දුරකථන අංක හෝ 011-2670079 ෆැක්ස් අංක භාවිත කළ හැකිය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පණිවිඩ
ජල ගැලීම් නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින ලෙස සහ ජල ගැලීම් සිදුවන ස්ථානවල ජලය පරිහරණය නොකරන ලෙසද ඉල්ලා සිටියි.
ගංඟා, ඇළදොළවල දිය නෑමෙන් වැළකී සිටින ලෙසත්, ජල ගැලීම් ප්‍ර‘දේශවල ඔරු, බෝට්ටු හා පාරු පැදීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියි.
අකුණු ඇතිවන විට එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිට විදුලි උපකරණ විදුලියෙන් විසන්ධි කර තබන ලෙසද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.
පොලීසියේ කාර්යභාරය
සෑම පොලිස් කොට්ඨාසයකම ආපදා මෙහෙයුම් මැදිරිය බැගින් ස්ථාපිත කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ (21දා) පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
පොලිස් ජීවිතාරක්ෂක සේවයේ නිලධාරීන් 210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 44ක් සකස්කර ආපදා වැඩි වශයෙන් සිදුවිය හැකි බවට හඳුනාගත් ස්ථාන 40ක් සඳහා යොමුකර ඇත.
මීට අමතරව ජීවිත බේරාගැනීම හා සහන සැලසීම සඳහා යාත්‍රා ලබාදී තිබේ.
කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්
මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත්, රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී ඇත.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමටද උපදෙස් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනතාවට අවශ්යසුබසාධන සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසටද සියලු පාර්ශ්ව දැනුවත් කර ඇත.
2018/05/21 11.45 AM පැය 24ක් තද වැසි
අද (21දා) පෙ.ව. 11.00 සිට ඉදිරි පැය 24 එනම් හෙට පෙරවරු 11.00 දක්වා බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම හා වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම විටින් විට පැයට කිලෝමීටර් 40-45 පමණ වන තරමක් තද සුළංද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි.
11.29 AM ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ නිවේදනයක්
දිවයිනට බස්නාහිර හා දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හා හම්බන්තොර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (22දා) පෙ.ව. 9.30 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.
එසේම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍ර දේශ රළු වෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
2018/05/21 10.55 AM ආපදා කළමනාකරණයෙන් විශේෂ ඉල්ලීමක්
කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහ ඔය, අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යන නිසා ජල මූලාශ්රවල පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ජල මූලාශ්රවල සමහර ස්ථානවලින් ජලය පිටාර ගලමින් තිබෙන බවත්, කිසිවිටෙකත් ගංවතුර නැරඹීමට නොයන ලෙසත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජල ගැලීම් ඇති ස්ථානවල ජලය භාවිතයට ගැනීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි ස්ථානවල දිය නෑමෙන්ද වැළකී සිටින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
2017/05/20 17.30 PM
අයහපත් කාලගුණයෙන් 8690ක් අවතැන් - අකුණු නිසා මරණ 5ක්
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (20දා) වන විට අකුණු හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් තිබේ. ත්රිකුමලය දිස්ත්‍රික්කයේ මරණ 2, බදුල්ල දිස්ත්‍රික්කයේ එක් මරණයක් හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මරණ දෙකක් අකුණු හේතුවෙන් වාර්තා වී තිබේ.
එසේම අද (20දා) පෙරවරු 9.00 වන විට අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 2194 අයත් පුද්ගලයින් 8690ක් අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරයි.