අධ්‍යාපනික ගැටලු විසඳන ලෙස හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව විසින් හෙට හා අනිද්දා කොළඹ වෝඩ් පෙදෙස, ජාතික රෝහල, අක්ෂි රෝහල සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රදේශයන් වල උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් තහනම් කරමින් අද (16දා) තහනම් නියෝගයක් නිකුත් කළේය.
මහජන සාමය කඩවන අන්දමට සහ මහජනයාගේ දෛනික කටයුතුවලට බාධාවන පරිදි විශ්ව විද්‍යාල සිසුන් හා වෛද්‍ය සිසුන් විසින් උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමේ සුදානමක් ඇති බව කියමින් කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව අධ්‍යාපනික ගැටලු විසඳුම් ඉල්ලමින් හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් පේරාදෙණිය, කැළණිය, රුහුණ, ශ්‍රී ජයවර්ධන පුර, සබරගමුව, වයඹ, කොළඹ, සෞන්දර්ය කලා සහ අග්නි දිග ඇතුලු විශ්ව විද්‍යාලවල සිසුන් 14,000ක් පමණ දෙනාගේ සහභාගීත්වයෙන් කොළඹ කොටුවෙන් මෙම උද්ඝෝෂණ පවත්වා ඉන් පසුව පෙළපාලි ආරම්භ කිරීමටත් පසුව එහි සිට දහවල් 12ට පමණ ජාතික රෝහල් පරිශ්‍රය අසළට ළඟා වී උද්ඝෝෂණය කිරීමට නියමිත බවට බුද්ධි අංශ වාර්තා කොට ඇතැයි දැනුම් දුන්නේය.