විවිධ වැටලීම් හරහා මෙතෙක් කාලයක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය (කුඩු) සඳහා සිදුවූයේ කුමක්ද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රශ්න කර තිබේ.
අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග සඳහා පසුව කුමක් සිදුකරන්නේද යන කාරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ක්‍රමවේදයන් නොමැති බවත්, එබැවින් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදහස් පැවසිය නොහැකි බවත් එහිදී නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපතිවරයාට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතු බවටත්, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා සිදුවූයේ කුමක්ද සහ ඉදිරියේදී සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පවසා තිබේ.
ජනාධිපතිවරයා විසින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර ඇති අතර අමාත්‍යවරුන් වන සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ,සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඒ සඳහා නම්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) කැබිනට් මණ්ඩලය රැස්විය.