අග්රාමාතයවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ පසු එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජන කිරීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ බල කේන්ද්‍ර දෙකක් තිබෙන බවත් එකක් රනිල් වික්‍රමසිංහ බල කේන්ද්‍රය බවත් අනෙක් බල කේන්ද්‍රය සිරිසේන බල කේන්ද්‍රය බවද කියා සිටියේය.
පසුගිය අවුරුදු තුන තුළම තිබුණේ මෙම බල කේන්ද්‍ර දෙකේ ගැටුම බවද සඳහන් කළේය.
