දෙහිවල හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයක් වටලා එයට පැමිණි සැකකරුවන් 100ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මේ අතර සැකකරුවන් 83ක් හා සැකකාරියන් 17ක් සිටින බව පොලීසිය පවසයි.
ඊයේ (02දා) රාත්රී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 18-48ක් වන අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල, පොලොන්නරුව යන ප්ර දේශවල පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03දා) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
කේරළ ගංජා, බියර්, මත් මුද්දරයක්, නීති විරෝධී මත්වැටි මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.