ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි බීච් ආසන්නයේ කොන්ඩෝ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 152නෙකුවත් අතුරුදන් වී ඇති බව බලධාරීන් පවසයි.
අතුරුදන් වූ 152දෙනා ජීවග්‍රහණයෙන් සොයා ගනු ඇතැයි ඔවුන්ගේ පවුල් සහ ප්‍රජා සාමාජිකයන් බලාපොරොත්තුවෙන් සිටියදී, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ දිනටත් අඛණ්ඩව සිදුවෙමින් පැවතිණි.
"අපට සෑම දිනකම තවත් ප්රාතිහාර්යයන් කිහිපයක් අවශ්‍යයි" නගරාධිපති චාල්ස් බර්කට් මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම අනතුරින් දැනට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇත. ඉන් 8 දෙනෙකුගේ සිරුරු සුන්බුන්වලින් ඉවත් කරගෙන තිබූ අතර, අනෙක් තැනැත්තා ඊයේ රෝහලේදී මිය ගියේය.
සුන්බුන්වලට යටවූවන් සොයාගැනීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් සමග මුදාගැනීමේ කණ්ඩායම්වල උත්සාහයට සහාය වීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරු අගලක් හාරා, නව ප්‍රදේශවලට ප්‍රවේශය ලබා දුන් බව මියාමි- ප්‍රාන්ත බලධාරීන් පවසයි.
එහි ප්‍රතිඵලයක් ලෙස සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු හතරක් මෙන්ම අමතර සිරුරු කොටස්ද සොයා ගැනීමට හැකිවී ිතබේ.
මහල් 136 කින් යුත් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව සොයා බැලීම සඳහා ඒවා රැගෙන යන බවත් කියැවෙයි. කෙසේ වෙතත් මුදාගැනීමේ මෙහෙයුම් මන්දගාමීව සිදුවන බවටද බලධාරීන්ට ඥාතීන්ගෙන් සහ ප්‍රජාවෙන් චෝදනා එල්ල වෙයි.