ඇමෙරිකානු පොලිස් නිලධාරියෙකු තම දණ හිසින් ගෙල සිරකර ගෙන සිටීම නිසා ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් අවස්ථාවේදී ඔහුව ගිලන් රථයකින් රැගෙන ගොස් මොහොතකට පසුව සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා වන ඩෙරෙක් චාවින්ගේ ශරීරයේ වූ කැමරාවේ හඬ පටයක් උසාවියට නිකුත් කර තිබේ.
මෙම ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සමග එම අවස්ථාවේදී පොලිස් නිලධාරී චාවින් අදහස් දක්වන අතර, "එය එක් පුද්ගලයෙකුගේ මතයයි" යනුවෙන් චාවින් තම පොලිස් මෝටර් රථයට නගින විට ප්‍රතිචාර දැක්වීය. "අපිට මේ මිනිහව ඒ විදියට පාලනය කරන්න සිද්ධ උනේ එයා සෑහෙන්න උසමහත මිනිහෙක් නිසයි. පේන විදියට ඔහු යම් ප්‍රතිචාරයක් දක්වන්න සූදානමින් සිටියේ."
ලොව පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින්, ඇමෙරිකාව තුළ මෙන්ම ලොව තවත් රටවල් රැසක මහා උද්ඝෝෂණ රැල්ලක්ද ඇති කළ ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් මාස ගණනාවකට පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියාගේ දෘෂ්ටිකෝණය මහජනයාට ඇසුණු පළමු මෙයයි.
මෙම අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් 61 හැවිරිදි චාල්ස් මැක්මිලියන් පවසා සිටියේ 2020 මැයි 25 වන දින ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීම තමා දුටු බවත්, එහිදී "ඔබට ජයග්‍රහණය කරන්න බැහැ" යනුවෙන් නැවත නැවතත් කියමින් පොලිසියට අනුකූල වන ලෙස තමා ෆ්ලොයිඩ්ගෙන් ඉල්ලා සිටි බවත් කියා සිටියේය.
එසේම චාවින් ෆ්ලොයිඩ්ගේ බෙල්ලට දණ ගසා සිටි අවස්ථාවේදී ෆ්ලොයිඩ් උදව් ඉල්ලා කෑගැසූ විට තමන් "ඔබේ දණහිස ඔහුගේ බෙල්ලෙන් ඉවත් කරන්න" යැයි පොලිස් නිලධාරී චාවින්ට පැවසූ බවත් ඔහු කියා සිටියේය.
මෙම නඩු විභාගය තවදුරටත් පැවැත්වෙන අතර මේ වනවිට සිද්ධිය ටසම්බන්ධ පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් අත්අඩංගුවේ පසුවෙයි.