පළමු වැනි ෆ්රැන්සිස් පාප්තුමාට සහ ඊට පෙර සිටි දහසය වැනි බෙනඩික්ට් පාප්තුමාට නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලැබී ඇති බව වතිකානුව නිවේදනය කරයි.
"වතිකානුවේ එන්නත් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස අද වනවිට කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්රාව ෆ්රැන්සිස් පාප් තුමාට සහ ඊට පෙර සිටි බෙනඩික්ට් පාප්තුමාට ලබා දී ඇති බව මට තහවුරු කළ හැකියි" යනුවෙන් වතිකානුවේ ප්රකාශක මැටියෝ බෘනි පැවසීය.