ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පවතින ගැටුම තවදුරටත් උග්‍රවී ඇති බව %අද^ ට වාර්තාවේ.
මේහේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් තමාව විචේනය කළහොත් ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන බවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ෆොන්සේකා මහතා විසින් දැඩිලෙස විචේනය කරමින් සිටින අතර ඔහුට අමාත්‍ය ධුරයක් ලබානොදෙන මතයේ ජනාධිපතිවරයාද දිගින් දිගටම සිටින බව පෙනෙන්නට ඇත.
සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබානොදෙන බවද ජනාධිපතිවරයා යළිත් වරක් පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම මහත්වරුන් ජනාධිපතිවරයා හමුවී සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ද ජනාධිපතිවරයා මේබව පවසා ඇත.
එමෙන්මඉතිරිව ඇති අනිකුත් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ඒ තනතුරු සඳහා වන අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපය තුළ දිවුරුම්දීමට නියමිත බවද වාර්තාවේ.
ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත්කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් %අද^ කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන් තර්ජන ගර්ජනවලට බිය නොවන බවයි. තමාට අමාත්‍යධුරයක් ලබාදීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡාකළ බව ඔවුන් පැවසු බවද ෆොන්සේකා මහතා පැවසීය.
ෆොන්සේකා මහතා තවදුරටත් ජනාධිපතිවරයාව විචේවනය කළහොත් ෆීල්ඩ් මර්ෂල් ධූරය ඉවත්කරන බවට ජනාධිපතිවරයා ඔවුන්ට පැවසා ඇති බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.