රට තුළ සිදුවන ළමා අපයෝජන පාලනයට සහය වනු පිනිස විධිමත් ජාතික දත්ත පදනමක් සකස් කෙරෙමින් පවතීන බවත් මෙම ජාතික දත්ත පදනම ලබන අගෝස්තු මස ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර ඇති බව, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත් විදානපතිරණ පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (20) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ළමා ආරක්ෂක අධිකාරිය ප්රම්ඛත්වය දි තිබේ.
ළමා අපයෝජන වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්අධිකාරිය ආණ්ඩුවට උපදෙස් දෙයි.
අපචාරවලින් ආරක්ෂා වනු පිණිස ළමා අයිතිවාසිකම් සහ ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුම්වත් කිරීම දිස්ත්‍රික්ක 25ට අයත් ළමාරක්ෂක අධිකාරී කාර්යාලවලටපැවරී ඇති වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.
ළමා අපයෝජන වැළැක්වීමට සහ අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගැනීම සහ අවශ්‍ය අවස්ථා වලදි එම කාර්යය සඳහා අදාළ අමාත්‍යංශවල, පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල, දිසා හා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සහ රජයේ හා පෞද්ගලික අංශයේ සංවිධානවල උපදෙස් විමසන බවද සභාපතිවරයා පැවසීය.