මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අවශ්‍ය තරම් පානීය ජලය නොලැබෙන බවට තහවුරු වී ඇතැයි ළමා රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.
මේ නිසා ජලය වෙනුවට වෙනත් පාන වර්ග ලබා නොදී දරුවන්ට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට ලබාදිය යුතු බවද අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
මවුකිරි ලබාදීම අවසන් වූ පසු කිසිදු අවස්ථාවක පිටිකිරි ලබාදීම සිදු නොකරන ලෙසත්, දරුවන්ට සෑම විටම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මවට ලබාදී තිබෙන සෞඛ්‍ය තොරතුරු පොතේ සඳහන් ආකාරයට ආහාර පාන ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.