වංචා හා දූෂණ සිදුකළ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රජය විසින් විශේෂඥ කණ්ඩායම් යොදවා කටයුතු කරන බවත්, විපක්ෂය හොරුන් ආරක්ෂා නොකර හොරුන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය දක්වන ලෙසත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මහ බැංකු අධිපති පිළිබඳව ඇතිව තිබෙන ගැටලුකිරී තත්ත්වය පිළිබඳව මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්රමාත්යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය කාලයේදී පවුලක් පමණක් පෝෂණය වූ බවත් නව රජයේ ප්රතිපත්තිය රටේ හැම පවුලක්ම පෝෂණය කිරීම බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.